අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්ය.

එමෙන්ම නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම - ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී ඇත. තවද මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබේ.

ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වූ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයනු ලබයි. මාතර - කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණි.

මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පවසන්නේ අයහපත් කාලගුණයෙන් මාතර පවුල් 100ක පුද්ගලයින් 363දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම ඌරුබොකු ඔය, කටුවන නගරය ආසන්නයෙන් පිටාරගැලීමෙන් එම නගරය හා අවට ප්‍රදේශ ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවිය. මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබුණි .

මෙලෙස වැසි තත්වය නිසා මරණ සිදුවී ඇතිවා මෙන්ම බොහෝ ආපදා තත්වයට මුහුණ දීමට  ජනතාවට   සිදුව තිබේ.   

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්