රිය අනතුරු ගැන භයානක අනාවරණයක්
By Kanchana
අප්‍රේල් මස 04 වන දින සිට 10 වනදා දක්වා වූ පසුගිය සතිය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
එම අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීමෙන් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර තිබේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙලෙස අනතුරුදායක ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද බිමල් රත්නායක අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.