සොයුරාගේ මංගල අයවැය කතාව දිරිගැන්වූ සොයුරන්
sri lanka
Politis
political gossip
By Sithumi
එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අය වැය කතාවට සවන් දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ දෙවැනි අය වැය මෙයයි.
පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, තේනුක විදානගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අය වැය කතාව ආරම්භ කළ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග සභා ගර්භයට පිවිසියේ ය.
