සියලුම වට්ස්ඇප් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්..
වට්ස්ඇප් ගිණුම් හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අවධාරණය කර සිටිනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ, පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණීලි 74ක් පමණ ලැබී ඇති බවය.
හැකර්වරුන් වට්ස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී පරිශීලකයන්ගේ ගිණුම් අධීක්ෂණය කරන අතර ගිණුම් හැක් කිරීමෙන් පසු හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස දුරකථන අංකවලට හදිසි පණිවිඩ යවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආගමික වැඩසටහන්, ත්‍යාග දිනා ගැනීම් හෝ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වීමේ වැනි අවස්ථාවන් සඳහන් කරමින් මොවුන් විසින් දුරකතන අංකය වෙත ලැබී ඇති රහස් කේතයක් ඉල්ලා සිටින බවයි පැවසෙන්නේ.
අදාළ පුද්ගලයා එම කේතය ලබා දීම හරහා හැකර්කරුවන්ට ඔවුන්ගේ වට්ස්ඇප් ගිණුම පාලනය කිරීමට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි පණිවිඩයක් ලැබුණහොත්, මුලින්ම එම ගිණුම අයිතිකරු අමතා තොරතුරු සත්‍ය දැයි තහවුරු කරගත යුතු බවත් වට්ස් ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවයි.
You May Like This Video