"..පොලිසියේ මහත්තයා බයික් එකට පයින් ගැහුවා.." වැල්ලම්පිටියම හඬවමින් අවසන් ගමන් ගිය තරුණයාගේ අනතුරේ සීසීටීවී දර්ශන එළියට(CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Latest Headlines
By Sewvandhi Aug 19, 2024 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී, අද (19) දහවල් යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය දෙස සිට කොළඹ - මීගමුව මාර්ගය දෙසට ගමන් කරමින් සිටිය දී වැලිගම්පිටිය හංදිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ.

එහිදී පැදිකරුවන් අණ නොතකා ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කර ඇති අතර, පිටුපස අංක තහඩුව නොමැතිව ගමන්ගත් යතුරුපැදිය මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් පසුව සෙසු පැදිකරුවන් පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි. කෙසේවෙතත් අනතුරට මුහුණදුන් පසුපැදිකරුවෙක් කියා සිටියේ වෙනත් කතාවක්.

අනතුරිපසු එම ස්ථානයට පැමිණි මරණකරුගේ සහෝදරයා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබෙනවා. (උපුටාගැනීමක්)