වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක්..20 කරන්න හදන වැඩේ මෙන්න..

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය 14(ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව දන්වා ඇති බවයි පැවසෙන්නේ.

මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇති බවද වාර්තා වේ.

සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා එම සරසවි සම්බන්ධ නොකරගැනීමට හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ Rifath sparrow (බයිරා) යන ශිෂ්‍ය නායකයින්ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩඇති බවටයි ආරංචි මාරග පවසන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now