රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අතිකාල දීමනා හා වෙනත් දීමනා ගෙවීම් ගත්ත ක්‍රමය එළියට..

Sri Lanka Sri Lanka Government Budget 2023 Department Of Audit
By Piyumika Jun 09, 2024 05:06 AM GMT
Piyumika

Piyumika

Report

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දීමනා හා වෙනත් දීමනා ගෙවීම් සදහා ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සදහන්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර අතට.. ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක්..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර අතට.. ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක්..

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් සදහා ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකද ඇතුළුව අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් එකසියපනස්නමකෝටි,දශලක්ෂ හැත්තෑහය දහස්,අටසිය අනුපහක මුදලක් (1,591,076,895) ගෙවා තිබේ .

මෙම වර්ෂයේ (2024) ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුල අතිකාල හා වෙනත් දීමනා ලෙස රුපියල් දහතුන්කෝටි,තිස්හයලක්ෂ,දාසයදහස්,නමසිය අසුහතක මුදලක් (133,616,987) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

පහළ කඩුගන්නාව මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්..

පහළ කඩුගන්නාව මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්..

2023 වර්ෂයේ දි අතිකාල හා වෙනත් දීමනා ලෙස අයවැය මගින් රුපියල් අනුනමකෝටි, විසිලක්ෂයක (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.

මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි 27 වැනිදින නිකුත් කරණු ලැබු අයවැය චක්‍ර ලේඛය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා සදහා ප්‍රතිපාදන අවම වශයෙන් සියයට හයකින් අඩුකළ යුතු බවට අවධාරණය කර තිබේ.

එමෙන්ම ආයතන අධ්‍යක්ෂකගේ කිසිදු අනුමැතියක් තොරව මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ දි සිය සේවකයින් සදහා කෑලි ගණනට දීමනා ලෙස රුපියල් අසුඑක්කොටි,හතලිස්හතරලක්ෂ,හැත්තැහයදහස්,අටසියහැත්තැඑකක ( 814,476,871) මුදලක් ගෙවා ඇත.

ආයතන අධ්‍යක්ෂකවරයා විසින් කෑලි ගණනට දීමනා ගෙවන ලෙස අනුමකකොට ඇත්තේ 2018 වර්ෂයට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය..

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය..

එමෙන්ම නිෂ්පාදන තත්ත්වය නගා සිටුවිම සදහා ගෙවනු ලබන දීමනා දැනට සේවකයෙකු ලබන වැටුපෙන් සියයට 65ක් වන සේ 2018 වර්ෂය දක්වා අනුමත කොට තිබුණි.

එහෙත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 65 ඉක්මවා සියයට 102 සිට සියයට 353 දක්වා විවිධ වර්ගයේ දිමනා මාසිකව ගෙවා තිබුණි.

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..

සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..

මුද්‍රණ දේපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින්ට වාණිජ මුද්‍රණ දිමනාව ගෙවිමේ දි කොන්දෙසි තුනක් සපුරාලිය යුතු බවට අමාත්‍ය මණ්ඩල තිරණයේ දක්වා තිබුණි.

එහෙත් 1998 වර්ෂයේ සිට මෙකි කොන්දෙසි තුන සපුරාගෙන නොතිබුණි.

එහෙත් 2023 වර්ෂයේ දි මෙකි කොන්දෙසි සපුරාගෙන නොමැතිව වාණිජ මුද්‍රණ දිමනාව ලෙස රුපියල් එක් කෝටි,හැත්තැහතරලක්ෂ,විසිනමදහස්,දෙසිය හතලිස්හතරක මුදලක් (17,429,244) ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ගෙන ඇත.