සජිත් අනුර විවාදය අදයි..සජිත් එන බව දැනුම්දෙයි..
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයට අද දිනයේ සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඊයේ (08) හලාවත නගරයේ පැවති එම පක්ෂයේ සමගි ධීවර සමුළුව අමතමින්, ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ය.
කෙසේවෙතත් විවාදය සඳහා විපක්ෂ නායකවරයා මීට පෙර යෝජනා කර අනුර කුමාර දිසානායක මහතා එකඟවූ දිනයක් ලෙස පසුගිය 06 වනදා එම විවාදය පැවැත්වීමට රාජ්‍ය රූපවාහිනි නාලිකාවක් කටයුතු යොදා තිබුණා.
එම වැඩසටහනට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ නමුත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූයේ නැහැ.
එය රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් බැවින් තම නායකයා ඒ සඳහා සහභාගී නොවූ බවයි, සමගි ජන බලවේගය සඳහන් කළේ.