විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර අතට.. ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක්..

Report

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදේ.

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය..

පැහැරගත් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු බේරා ගත් ගාසා තීරයේ සිදුකළ බිහිසුණු ප්‍රහාරය..

රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළ අතර සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ දෙදහස් එකසිය පනහක් පමණ බවද එම ආරංචි මාර්ග වලින් පෙනේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවයට විශේෂඥ වෛද්‍යවරුන් අනුමත කෙරුණු සංඛ්‍යාව හාරදහසකි.

මෙසේ බරපතල හිඟයක් පවතින්නේ ශල්‍ය වෛද්‍යවරුන්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

පහළ කඩුගන්නාව මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්..

පහළ කඩුගන්නාව මාර්ගය ගැන විශේෂ දැනුම්දීමක්..

මෙම අංශවල වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශයන්ට ගොස් ඇති හෙයින් මෙම හිඟය මතුව ඇතැයිද සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.

විදේශයන්ට යන විශේෂඥ වෛද්‍යවරුන් නැවත නොඑන බවත් එම පිරිස් මෙරට රඳවා ගැනීමට කිසිදු විධිමත් වැඩ පිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මකවී නැති බවත් එම නිලධාරීහු ප්‍රකාශ කර සිටී.

විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ පිරිසක් ගොස් ඇතැයි පැවසෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවලටය.

ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම ඇතුළු ආර්ථික ගැටලු වෛද්‍යවරුන් බොහෝ පිරිසක් විදේශගතවීමට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ කරුණු සොයා බැලීමකදී පෙනී ගොස් තිබේ.

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් තීරණයක්..2025ට අයවැය නැති බව දැනුම්දෙයි..

මේ සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බරපතළ ලෙස පවතින නමුත් රෝහල්වල ප්‍රතිකාර සේවා කටයුතු සුදුසු පරිදි කළමනාකරණය කරගනිමින් පවත්වාගෙන යන බවය.