ඇමරිකාවෙන් තෙල් නැවකට වැඩේ දීලා
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කරන පීඩන ව්‍යාපාරය තවදුරටත් දැඩි කරමින්, ඇමෙරිකානු බලධාරීන් විසින් වෙනිසියුලාවට ආසන්න මුහුදේදී තෙවන තෙල් නෞකාවත් අත්අඩංගුවට ගෙන තිබේ. මීට පෙර තෙල් නෞකාවක් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගතවීමටත් පෙර මෙම නවතම යාත්‍රාව හසුකර ගැනීමට ඇමෙරිකානු අංශ සමත්ව ඇත.
මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ නෞකා එක පිට එක අත්අඩංගුවට ගැනීම හරහා මදුරෝ පාලනය වෙත එල්ල කරන බලපෑම තීව්‍ර කර තිබෙන බව වාර්තා වේ. මෙම ක්‍රියාවන් සියල්ල ට්‍රම්ප් පාලනය විසින් නිකොලස් මදුරෝට එරෙහිව වැඩි වෙමින් පවතින පීඩනයේ කොටසක් වන අතර නෞකාව වෙනිසියුලානු 'සෙවනැලි' නෞකා සමූහයට අයත් එකක් වන අතර එය ව්‍යාජ කොඩියක් යටතේ ක්‍රියාත්මක වී ඇත.
හොර රහසේ ප්‍රවාහනය කරන මෙම තෙල් හරහා ලැබෙන මුදල් නර්කෝ-ත්‍රස්තවාදය සහ මදුරෝ පාලන තන්ත්‍රයට අරමුදල් සැපයීමට යොදාගන්නා බව ධවල මන්දිරය චෝදනා කරයි. ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගත් මෙම නෞකාව අවසන් වරට වෙනිසියුලාවේ වරායක නතර කර තිබුණු අතර මේ වන විට එම කලාපය තුළ විශාල ඇමෙරිකානු හමුදා බලමුළුවක් ස්ථාපිත කර ඇති අතර, මෙවැනි නීතිවිරෝධී තෙල් ජාවාරම් නතර කිරීමට දිගින් දිගටම කටයුතු කරන බව රජය අවධාරණය කර ඇත.