සිරිපා අඩවියේ ප්ලාස්ටික් ඉවත් කරන්න කොමාන්ඩෝ මෙහෙයුමක්

Report

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා සදහන් කළේ සිරිපා අඩවියේ අවදානම් හෙළවල් ආශ්‍රිතව ගොඩගැසී තිබෙන පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් ඉවත් කිරීමට දින තුනක යුද හමුදා කොමාන්ඩෝ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.

තව දුරටත් ඔහු සදහන් කළේ මෙම මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළදී යුද හමුදාව අනෙකුත් හමුදා අංශවලද සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත්, සිරිපා අඩවියේ සාමාන්‍ය ජනතාවට ළඟාවීමට නොහැකි අවදානම් සහිත හෙළවල් ආශ්‍රිතව ගොඩ ගැසී තිබෙන පොලිතින් හා ප්ලාස්ටික් මෙලෙස ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි .

ඒ වගේම ඔහු සදහන් කළේ මෙලෙස ඉවත් කෙරෙන අපද්‍රව්‍ය මෙම මස 29 වැනිදා හැටන්, රත්නපුර සිරිපා මාර්ගවල සිට පහළට රැගෙන යාම ඒමට නියමිතව ඇත.

එම කටයුත්ත එදින පෙරවරු 6 සිට ආරම්භ කිරීමට සූදානම් වන බැවින් ඊට ඕනෑම අයෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමේ හැකියාව පවතින බව සදහන් කර තිබේ .

කඩුගන්නාව නායයෑම් ප්‍රදේශය ගැන විශේෂ නිවේදනයක්

කඩුගන්නාව නායයෑම් ප්‍රදේශය ගැන විශේෂ නිවේදනයක්

පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කළේ දෙසැම්බර් මස පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමයේදී පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට “මුණි සිරිපා හරිත වන්දනා’’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි.

තවද ඔහු වැඩි දුරටත් සදහන් කළේ ලීටරයට වඩා අඩු පානීය ජල බෝතල්, පොලින් ආවරණ සහිත ආහාර ඇසුරුම් මෙවර සිරිපා වන්දනාවේදී අධි සංවේදී කලාපයට රැගෙන යාමට ලබා නොදෙන බවයි .

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

අදත් මේ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි