පාතාල කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා.. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය භයානක තත්ත්වයක්

Report

රට පුරා ක්‍රියාත්මක වන දැඩි පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් කිසියම් තීරණයක් ගැනීමට පාතාල ප්‍රබලයින් පිරිසක් මැඩගස්කරයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා හෙළි කර ඇත.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වත්මන් රජය මඟින් මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග නිසා ඔවුන්ගේ ‘ජාලය’ මුළුමනින්ම බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බවත් ඔහු පෙන්වා දී සිටියා.

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

ඒ අනුව ඔහු කියා සිටියේ,

"අපි හොයලා බලද්දී අනාවරණය වුණා, මත්ද්‍රව්‍ය මර්දනයත් එක්ක මේ පාතාල කල්ලි කණ්ඩායම් එක තැනකට එකතු වෙලා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මැඩගස්කරයේදී මෙවැනි සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මේක හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරම විතරක් නෙවෙයි, සමස්ත අපරාධ ජාලයම බිඳ වැටීම නිසා ඇතිවුණු තත්ත්වයක්" යනුවෙන්.

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

මීට සුළු මොහොතකට පෙර උණුසුම මැද රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුවට නියෝගයක් - නැවත පස්වරු 2ට කැඳවයි

එමෙන්ම ගාල්ලගේ මහතා මෙම තත්ත්වය හමුවේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උපරිම මට්ටමකින් ඉහළ නැංවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ද සඳහන් කළා.

එසේම ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම බරපතළ තර්ජනය පිළිබඳව මහජනතාවට බාහිරින් නොපෙනුන ද, එහි පසුබිමේ අතිශය භයානක තත්ත්වයක පවතින බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලන ප්‍රතිවාදීන්ට වඩා භයානක පිරිසක් මෙම ක්‍රියාවලිය පිටුපස සිටින බවත්, රටේ නීතිය සහ සාමය සුරැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අඩාල කිරීම ඔවුන්ගේ මූලික අරමුණ වී ඇති බවත් ගයාන් ගාල්ලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ජූලි 04 වන දිනය පුරා වලංගු නිවේදනයක් - රටටම ප්‍රවේශම්වන මෙන් දන්වයි

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ

ETF මුදල් ගෙවීමේ වෙනසක් - සේවක අර්ථසාධක මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - ආයතනයේ සේවකයින් 15 කට වැඩිනම් ඉස්සරහට මේකයි වෙන්නේ