ලෝකෙම බලන් සිටි සුබ ආරංචිය ලැබෙයි - ඇවිලුණු ගිනිදැල්වලට සටන් විරාමයක්?
By Kaushi
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන් විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ඒ අනුව අඳාළ සටන් විරාමය අද (06) දිනයේ සිට ආරම්භ වීමට අවස්ථාවක් ඇති බවට අඳාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම ඉස්ලාමාබාද් සම්මුතිය නම් මෙම යෝජනාවලිය පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.
එබැවින් මේ යටතේ කඩිනම් සටන් විරාමයක් ඇතිකරගෙන, සටන් අත්හිටුවා හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරගැනීම දෙපාර්ශ්වයේ සැලසුම වනු ඇති බව රොයිටර්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් ඉරානය සහ අමෙරිකාව දින 45ක සටන් විරාමයකට එළැඹීමට සූදානමින් සිටින බවට පළමුව වාර්තා කර තිබුණේ අමෙරිකාවේ ඇක්සියෝස් පුවත් අඩවියයි.