ගුරු ඇඳුම හා පාසල් නිල ඇදුම වෙනස් වෙයි..? අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්
අද (4) ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු සිදුනොකරන බවයි.
ලංකා ගුරු සංගම් ලේකම් ජෝශප් ස්ටාර්ලින් විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කර, ඔවුන්ට පාසල වෙත පැමිණීමට පහසු ඇඳුමක් හිමිගැන්විය යුතු බවයි.
නමුත් මෙ සඳහා ඇතැම් ගුරුවරුන් සිය මනාපය පළ කළ ද, ඇතැම්හු ඊට එකඟ වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද අදහස් දක්වමින් සඳහන් කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම වනාහි පාසල් දරුවන්ගේ පටන් හික්මීම සහ විනය බිඳ දැමීමෙහි ප්‍රබල සාධකයක් වනු ඇති බවයි.
එහෙයින් ඊට දැඩි විරෝධය මහ සංඝරත්නයෙන් එල්ල වුණා. මෙවන් තත්ත්වයක් මතයි අද පැවති මාධ්‍ය හමුවකදී ස්ටාලින් ප්‍රකාශ කළේ, ගුරු ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පැවරෙන බවයි. ඊට පිළිතුරු ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |