පොලිසියෙන් පළාත් 5ක් ආවරණයට සයිබර් අපරාධ ඒකක

By Gagana News Feb 24, 2025 01:00 PM GMT
Report

වර්ථමානයේදී ශ්‍රී ලංකා පොලිසිය පළාත් 5ක් ආවරණය වන පරිදි සයිබර් අපරාධ විමර්ශන ඒකක පිහිටුවා ඇති බව කටාන පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කරයි.

ඔහු පැවසුවේ අනෙකුත් පළාත් ද ඇතුළුව පළාත් 9ම ආවරණය වන පරිදි සමස්තයක් ලෙස මේ සම්බන්ධව කටයුතු කරන බවය. එමෙන්ම වර්ථමානයේදී පොලිසිය තාක්ෂණයෙන් ඉතාම ශක්තිමත් ස්ථානයක සිටින බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සයිබර් අපරාධ විමර්ශණ ඒකකයක් පැවතිය යුතු බවය.

ඒ යටතේ සයිබර් අපරාධ විමර්ශන කටයුතු සිදුවන බවත් ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ද සයිබර් අපරාධ විමර්ශන අංශයක් පවතින බවත් ඔහු පැවසීය.

එමෙන්ම පළාත් 5ක් ආවරණය වන පරිදි අම්පාර, කුරුණෑගල, මාතර, මහනුවර යන ස්ථානයන් හී ප්‍රාදේශීය මට්ටමින් සයිබර් අපරාධ ඒකක පිහිටුවා ඇති බවත් ඒ තුළද විමර්ශන කටයුතු සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින සෑම පොලිස් ස්ථානයකම එම අපරාධයට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා විමර්ශන භාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

අනුරගේ ලොකුම සතුරා අනුරමයි!

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්