ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකවරම ගත් විශේෂ තීරණය..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමටයි.
විපක්ෂය කථානායකවරයාට චෝදනා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කර ගැනීමට කටයුතු කර ඇති බව ය.
කෙසේ වෙතත්, ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ය.