සංචාරකයෙක් පිළිගන්න ශ්‍රී ලංකාව දැවැන්ත සූදානමක්..මේ තරම් විශේෂ වෙන්න හේතුව මෙන්න..

By Aruna Dec 26, 2024 05:36 AM GMT
Report

මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසනු ලබයි.

මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කියා සිටියේ. 

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..

බස් මගීන්ට සතුටු දායක ආරංචියක්..අලුත් ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න..


ඒ සමඟ දෙසැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී ඇත.

දෙසැම්බර් 22 වැනි දින මෙරටට එක් දිනක් තුළ වාර්තාගත විදේශීය සංචාරකයන් 10,820 ක පිරිසක් පැමිණ ඇති බවත් එමෙන්ම දෙසැම්බර් 20-22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා තිබේ.

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)


ඒ අනුව, මේ වන විට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336ක් දක්වා වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දී තිබෙන්නේ.

ශීත ඍතුවත් සමග නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් මෙරටට පැමිණ තිබේ.

එය වසරින් වසර (YoY) පදනම මත 22%ක ඉහළ යාමක්. වසරින් වසර (YTD) පැමිණීම් මේ වන විට මිලියන 1.96 ඉක්මවා ගොස් ඇත.

You May Like This Video