සෑම සිකුරාදාම උදේ 9.00 සිට දවල් 2.00 දක්වා කළ යුතු දේ..යළිත් අලුත් වැඩක් අරඹයි..

Report

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදාවකම පෙරවරු 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.


අංක 140, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 02 යන ලිපිනයෙහි පිහිටි නව පොලිස් මූලස්ථානයේදී පොලිස් මහජන සහන මැදිරිය ක්‍රියාත්මකව පවතී.

පොලිස් ස්ථාන සහ විමර්ශන අංශ මගින් තම පැමිණිලි වෙත අපේක්ෂිත සහනයක් නොලැබුණු පුද්ගලයින්ට පොලිස් මහජන සහන මැදිරිය හරහා පොලිස්පතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්.

මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..

මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..