රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න නියෝග දුන්න විනිසුරුවරියට උසස්වීම් දීලා - සජබෙන් දරුණු චෝදනාවක්
අද (24) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ රජයේ අමාත්‍යවරයෙකු විසින් ගොඩනැගිල්ලක් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වූ අධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.
එමෙන්ම අදාළ අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය විසින් දෙවරක්ම නියෝග කර තිබුණ නමුත් පොලීසිය එම නියෝග ක්‍රියාත්මක නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
තවද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කළ විනිසුරුවරියකට උසස්වීමක් ලබා දුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
ඔහු මේ අදහස් දැක්වුවේ පාර්ලිමේන්තුවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින්ය.