ඔච්චරයි අඩු - මන්ත්‍රීවරුන්ට හින්දි චිත්‍රපටි පෙන්නන ඇමති බිමල්ගෙන් යෝජනාවක්
අද දින (24) රැස්වූ පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේ කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘ටාරේ සමීන් පර්’ (Taare Zameen Par) බොලිවුඩ් චිත්‍රපටය පෙන්වීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරමිනි. වැඩිදුරටත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ Taare Zameen Par බොලිවුඩ් චිත්‍රපටය චිත්‍රපටය නැරඹීමෙන් පසු තමාට සහ තම බිරිඳට විශාල බලපෑමක් ඇති වූ බවයි.
එමෙන්ම එය දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සිතීමට තමන්ව පොලඹවූ බවත් එම සිනමාපටය හුදෙක් විනෝස්වාදයක් පමණක් නොව අතිශය සංවේදී පුවතක් එමගින් ලබාදෙන බවත් ඔහු පවසයි.
සභානායක බිමල් රත්නායක පවසා සිටියේ “ළමයින් ගැන සංවේදී නොවන මන්ත්‍රීවරු මේ චිත්‍රපටය නැරඹිය යුතුයි. එසේ නොමැති නම්, ඔවුන්ට DVD පිටපත් ලබා දෙන ලෙස මම යෝජනා කරනවා,” ලෙසයි.