පාර්ලිමේන්තුව උණුසුම් - කතානායකගෙන් දැඩි අවවාද
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (14) අයවැය විවාදය ආරම්භ වී තිබේ.
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තවත් මන්ත්‍රීවරයෙකු ඉලක්ක කරගනිමින් සිදුකරන නුසුදුසු ආමන්ත්‍රණ සහ දෝෂාරෝපණවලින් මින් ඉදිරියට වැළකී සිටිය යුතු බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කර ඇත.
කතානායකවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේදී මන්ත්‍රීවරුන් වෙත නිවේදන ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.