වෙඩි තැබීමකින් 05ක් තුවාල ලබයි - කුඩා දරුවන් දෙදෙනෙක් ද ඒ අතර.. (විදෙස්)

By krishani Jan 15, 2023 04:27 AM GMT
Report

ලන්ඩනයේ පල්ලියක් අසළ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙමින් තිබියදී උතුරු ලන්ඩනයේ යුස්ටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ.

මෙම වෙඩි තැබීමෙන් හත් හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර 12 හැවිරිදි දැරියක් ද සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join