නැතුවම බැරි.. ලුණු ගැන රජය විශේෂ තීරණයකට යයි.. මිල?.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ලුණු ආනයනය කිරීමට අදාළව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබෙනවා.
ඒ රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණය වීම හේතුවෙන් ය.
ඒ අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
2025 වසරේ ජනවාරි මස 31 වනදා ට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබීය.
ඒ අනුව ලුණු ආනයනය කිරීම සඳහා සුදුසුකම්ලත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ටෙන්ඩර් කැඳවීම පසුගිය 21 වනදා ආරම්භ කර ඇති අතර ජනවාරි මස 02 වැනිදා දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇත.
ඒ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ය.
ලුණු ඍජුව ආනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද එම කටයුතු රජයේ පාර්ශවයෙන් සිදුකිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත.
ලුණු ආනයනය කිරීම සඳහා ජනවාරි මස 31 වනදා දක්වා පමණක් කාලය ලබා දී ඇති බැවින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසු එම කටයුතු සඳහා ඉතිරිව පවතින්නේ ඉතා කෙටි කාලයක් වන බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර ක්‍රියාවක් බවත් කර්මාන්තකරුවන් පෙන්වාදෙයි.
එමෙන්ම, නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගත විය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.
කෙසේ වෙතත්, ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරීම සඳහා ලුණු ආනයනය ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා කියා සිටියේ ය.
You May Like This Video👇
.