සම්පත් මනම්පේරිට දින 90ක රැඳවුම් නියෝග
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සම්පත් මනම්පේරි මහතාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) අවසරයක් ලබා දී ඇත.
පොලිස් නාර්කොටික්ස් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබූ මෙම කන්ටේනර් දෙක යටුන් මාෆියා නායක "කෙහෙල්බද්දර පද්මේ"ගේ බවට සැක කෙරෙන අතර, ඒවායින් අයිස් නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බව රජයේ විශ්ලේෂකවරුන්ගේ හා ජාතික ඖෂධ නියාමන මණ්ඩලයේ වාර්තාවලින් තහවුරු වී ඇත.
සැප්තැම්බර් 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි සම්පත් මනම්පේරි මහතා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දින 7ක රඳවාගැනීමේ අවසරයක් ලබාගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, සැප්තැම්බර් 23 වැනිදා තවදුරටත් රඳවාගැනීමේ නියෝගයක් ලැබිණි.