වත්කම් බැරකම් සම්බන්ධයෙන් සජිත්ට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන මෙන් ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය මඟින් බව සඳහන්.
එම සංවිධානයේ සභාපති සාමුණි කමන්තතුෂාර මහතා අවධාරණය කර සිටියේ විපක්ෂ නායකවරයා මෙතෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශය ලබා දී නැති බවයි.
එසේම ඒ ආකාරයටම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධවද දූෂණ විරෝධී පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඔහු ඉල්ලා තිබෙන බව පවසයි.
කෙසේ වෙතත් මෙම සංවිධානය සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කර, අයථා වත්කම් උපයාගෙන ඇත්නම් නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබා දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ඒ අනුව කමන්තතුෂාර මහතා විපක්ෂ නායකවරයාට අමතරව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ හිටපු අමාත්‍ය වාසුදේව සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ද පරීක්ෂා කරන ලෙස ඉල්ලා තම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බව කියා ඇත.