අවුරුදු සමයේ ලංගමෙන් වාර්තාගත ආදායමක්

Sinhala and Tamil New Year Sinhala news
By Hashini 4 days ago
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පවසන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇති බවයි.

අප්‍රේල් 11,12 හා 13 යන දිනවල ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් කෝටි 20 බැගින් මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව සාමාන්‍යාධිකාරි මහතා පවසනවා.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ අවූරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ ධාවනයට එක්කළ බවයි.

 

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

අද සවස් කාලයේදී ප්‍රදේශ රැසකට වැසි

ReeCha