ආපදාව ලක්වූවන් වෙනුවෙන් මිලියන ගණන් මුදල් - මහ බැංකුවෙන් නිවේදනයක්
අද (23) දින වන විට ඇති වාර්තාවලට අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වාර්තා කර ඇත්තේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට යටිතල පහසුකම් හා ජනජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් බිලියන 8.5 කට අධික මූල්‍ය දායකත්වයක් ලැබී ඇති බවයි.
ශ‍්‍රී ලංකාවට සුළි කුණාටුවෙන් ඩොලර් මිලියන 4000 ඉක්මවූ හානියක් සිදුව ඇති මෙවන් අවස්ථාවක මෙම අරමුදල් ප්‍රමාණයට මෙරට පරිත්‍යාගශීලීන් මෙන්ම විදේශයන්හි වෙසෙන ලාංකිකයන් සහ විවිධ සංවිධාන ලබාදුන් ආධාර ද ඇතුළත් වන අතර සමස්ත ආධාර මුදලට ඇතුළත් වන විදේශීය මූල්‍ය දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක් ලෙස සටහන් වන බව ඔහු පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "මෙම වැඩපිළිවෙල ආරම්භකළ දවසේ සිට අද වෙනකන් රුපියල් වලින් ලැබුණු මුදල් ප්‍රමාණය, දේශීය පුරවැසියන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය මෙන්ම විදේශ රට වලින් අපට ලැබුණු මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් තොරතුරු අපි ලග තියනවා. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද තොරතුරු අනුව මේ දක්වා ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 8.5 සීමාව ඉක්මවා ගිහින් තියනවා. එම ලැබුණු මුදල් වල සමස්ථ වටනාකම එම මුදල තුළ ඇතුළත් වනවා.මේ සඳහා විදේශ මුදල් වලින් ඉහළ මුදල් වල අන්තර්ගත වෙලා තියන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 9.49 ඉක්මවා ගිහින් තියනවා."