රාජ්‍ය පාලනයේ අලුත්ම වෙනසක්.. කරන්න යන දෙය මෙන්න..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ නව පරපුරේ අදහස් රාජ්‍ය පාලනයට ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඒ වෙනුවෙන් නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එය සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාව වෙත පවරන බව ඒ මහතා පැවසීය.

පරිස්සමෙන්.. රට රැකියා පෙන්වා කරපු කැතම කැත වැඩක් මාට්ටු වෙලා මෙන්න..

පරිස්සමෙන්.. රට රැකියා පෙන්වා කරපු කැතම කැත වැඩක් මාට්ටු වෙලා මෙන්න..


අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

දියුණු වන තාක්ෂණික ලෝකයත් සමග ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය තරුණ පරපුර වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

බෝතලයක් ඉනේ සඟවාගෙන ගිය කෙනෙක් නොහිතපු අනතුරකට මුහුණ දීලා..

බෝතලයක් ඉනේ සඟවාගෙන ගිය කෙනෙක් නොහිතපු අනතුරකට මුහුණ දීලා..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඩිජිටල් අලෙවිකරණය, සේවාදායකයින්ට නිදහස් සේවාවන් සැපයීම, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.