QR කේතය අවලංගු වන කාලය ගැන දැනුම්දීමක්.

Report

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ එය අහෝසි කිරීමේ හැකියාව ඇති බව යන්නයි.

කෙසේ වෙතත්, ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී තිබෙනවා.

මේ අතර ඊයේ (29) දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙනවා.