සියලුම වන්දි මුදල් ගැන දැන් ලැබුණු සුබ ආරංචිය මෙන්න

Report

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් කන්නයට අඳාළ සියලුම වගා වන්දි දැනටමත් ගෙවා අවසන් බව ප්‍රකාශ කරයි.

එසේම එම මණ්ඩලය නිවේදනය කරන්නේ 2024- 2025 මහ කන්නයේ වගා හානි අභියාචනා ලෙස ඇති රක්ෂණ වන්දි සුළු ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බවයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

කෙසේ වෙතත් එම වන්දි මුදල්ද ඉක්මනින් ගෙවා අවසන් කිරීමට ක්‍රියා කරන බව එම මණ්ඩලය පවසයි.

ඊට අමතරව 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට මේ වන තෙක් ගංවතුර, නියඟ සහ වන අලි හානි සිදු වූ වගාවන් ඇත්නම් නම් එම වගාවන්ට ද ජුනි මාසය අවසන් වීමට පෙර සෑම වන්දියක්ම ගෙවීමට කටයුතු කොට ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම වී, බඩ ඉරිඟු, ලොකු ලුණු, අර්තාපල්, සෝයා, මිරිස්, යන වගාවන්ට ගොවීන් රක්ෂණය වී නැති වුව ද, අක්කර 5ක් යන තුරු නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

හෙට ඉඳන් සබන් නැතුව තමයි නාන්න වෙන්නේ...

ඒ අනුව එහිදී හෙක්ටයාරයකට රුපියල් 100000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදු කිරීමට නියමිතව ඇත.

තවද ඉකුත් වර්ෂයේ නොවැම්බර් මාසයේ වර්ෂාව නිසා වූ වගා හානිවලට ගොවීන් 53511 දෙනෙක්ට අක්කර 61071ක් වෙනුවෙන් රුපියල් මිලියන 951ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගෙවා අවසන් කර ඇති බව සඳහන්.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...