තවත් භයානක අනතුරක්. - ගුවන් යානයක් හසියේම උඩු ගුවනේදී ගිනි ගනී. - (VIDEO)

New Zealand Australia Plane Crash
By Wayomi Jun 17, 2024 12:59 PM GMT
Wayomi

Wayomi

Report

ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගෙන තිබෙනවා.

ඒ, හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගොඩබා ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.


ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කර ඇති බවත් ගමන් අරඹා විනාඩි 50 ක් පමණ ගතවන විට එම ගුවන් යානයේ එක් එන්ජිමක ගින්නක් හටගෙන ඇති බවයි ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළ බලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව ප්‍රසිද්ධ කර නොමැති අතර එම අවස්ථාවේදී මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිටි බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.