පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

Report

පාර්ලිමේන්තුව අප්‍රේල් 7, 9 සහ 10 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කරයි.

අප්‍රේල් 7 දින විවිධ පනත් සහ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිත අතර, අප්‍රේල් 9 දින යුද, නාවික හා ගුවන් හමුදා පනත් යටතේ නියෝග සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම

ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම

අප්‍රේල් 10 දින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර ඇත.

අප්‍රේල් 8 රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවෙන බව වාර්තා වේ