ප්‍රවීණ මාධ්‍යවේදීයෙකුගේ නික්මයාම
පුවත්පත්ව කලාවට ඉටු කළ ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දඩැල්ල පොදු සුසාන භූමියේදී අද (06) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ දින 26 ක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය 03 දා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මියයන විට හතළිස් හත්වැනි වියේ පසු වූ භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා එක්දරු පියෙකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මියගේ ආදරණීය ස්වාමියා වන ඒ මහතා මාලඹේ හොරයිසන් විදුහලේ අධ්‍යාපනය ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ දයාබර පියාණන් වේ.
පුවත්පත් කිහිපයක කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මෙන්ඩිස් මහතාගේ පුත්‍රයා ද වන භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා සහෝදරියන් තිදෙනකුගේ සහෝදරයා ද විය.
ගාල්ලේදී උපත ලද භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කීර්තිමත් ආදී සිසුවකු වන අතර ඒ මහතාගේ දේහය මේ වනවිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි නිෙවසේ තැන්පත් කර තිබේ.