ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්
By Sewvandhi
ඔස්ට්‍රේලියානු රජය විසින්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු ජාතිකයින් සඳහා පනවා තිබූ උපදෙස් මාලාව යළි සමාලෝචනය කිරීමට පියවර ගෙන තිබේ.
අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී තවදුරටත් විරෝධතා, උද්ඝෝෂණ ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර එවැනි ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ඔස්ට්‍රේලියානු රජය සිය වැසියන්ට දැනුම් දී තිබේ.
ඔස්ට්‍රේලියානු රජය පෙන්වාදී ඇත්තේ, ඖෂධ මෙන්ම ඇතැම් ආනයනික ආහාරවල ද හිඟයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, අධික ලෙස මුදල් අයකිරීම්, ව්‍යාජ භාණ්ඩ අලෙවිය මෙන්ම ලිංගික හිරිහැර සහ මංකොල්ලකෑම් යනාදි අපරාධ ද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.