ලබන සතියේ ලංකාව සිංගප්පූරුවක් කරන්න යයි..

Report

මෙරට මහ නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා සිංගප්පූරු සබානා ජෝරුක් සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා පවසනවා.

කොළඹ කේන්ද්‍ර කරගත් බස්නාහිර මහ නගර කලාපය ,ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගත් නැගෙනහිර සංවර්ධන කලාපය සහ හම්බන්තොට කේන්ද්‍ර කරගත් දකුණු සංවර්ධන කලාපය යන ආර්ථික කලාපයන් හී දැනට සකස් කර ඇති සැලැස්ම ඔවුන් විසින් සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ලබන සතියේ ලංකාව සිංගප්පූරුවක් කරන්න යයි.. | Next Week Sri Lanka Is Going To Become A Singapore

ඒ සඳහා අදාළ නියෝජිතයන් එම ප්‍රදේශ වල සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් ඉලක්ක කරගනිමින් මෙම සැලැස්ම සකස් කරන බවයි වාර්තා වන්නේ.

දෙස් විදෙස් ආයෝජකයින්ගෙ ව්‍යාපෘති රැසක් මෙම කලාප වල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ, එහි කෙටිකාලීන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බවයි.

                                                                                         Sponsored By Sarrita Jewellery