දෙහිවල ඝාතනය කළ 'මුට්ටියා' අත්අඩංගුවට

Report

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේ, ඉකුත් 6 වැනිදා සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමින්ද පෙරේරා නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සිදුවිය. ඒ අනුව එම සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි ,අත්අඩංගුවට සැකකරු වන සුදත් චන්දන හෙවත් 'මුට්ටියා' ලෙස හැඳින්වෙන පුද්ගලයාව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමන්ත පෙරේරාගේ සමීපතමයෙක් වේ.

මෙතන ඇවිත් කිචිබිචි ගාන්න එපා හලෝ.. අහිංසක ජීවිතයින් පස් කන්දට යටවුණේ.. - නාමල්ගෙන් දැඩි ආන්දෝලනයක්

මෙතන ඇවිත් කිචිබිචි ගාන්න එපා හලෝ.. අහිංසක ජීවිතයින් පස් කන්දට යටවුණේ.. - නාමල්ගෙන් දැඩි ආන්දෝලනයක්

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, බඩෝවිට අසංක නම් අපරාධකරුගෙන් පලිගැනීම සඳහා මෙම ඝාතනය සමන්ත පෙරේරා විසින් මෙහයවා ඇති බවයි. ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ බව කියන 52 හැවිරිදි සුදත් චන්දන හෙවත් මුට්ටියා, ඊයේ පස්වරුවේ පිල්ලෑව ප්‍රදේශයේදී බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී, වෙඩිතැබීම සඳහා භාවිත කළ දේශීය නිෂ්පාදිත බෝර 16 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවිය පොලිසිය විසින් බෙල්ලන්විලදී සොයාගෙන තිබේ.

සැකකරු පවසා සිටියේ, ඝාතනය සමන්ත පෙරේරා සමඟ ඇති හිතවත්කම මත සිදුකල බවත්, ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගෙන ඇති බවත් ය. මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් වෙඩික්කරුවා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද පොලීසිය වාර්තා කරයි.

පෙබරවාරි මාර්තුවල අනිවාරෙන් ලිට්‍රෝ ගෑස් හිඟයක් - චාමර

පෙබරවාරි මාර්තුවල අනිවාරෙන් ලිට්‍රෝ ගෑස් හිඟයක් - චාමර