පැන්ෂන් කැපුණු මන්ත්‍රීලා විශ්‍රාමවැටුප් සමග ඔවුන්ගේ පැරණි රැකියා ඉල්ලයි

Report

විශ්‍රාම වැටුප අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක්, තමන් මන්ත්‍රීවරුන් වීමට පෙර කළ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කළේ, වැටුප් වර්ධක සහ උසස්වීම්ද සමඟ එම තනතුරු නැවත ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවයි.

ලංකාවේ මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න - අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

ලංකාවේ මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න - අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

එසේ සිදු කළහොත් තමන්ට පෙර සේවය කළ රැකියාවන් හරහා විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හැකි වන බවද ඔවුන්ගේ අදහස වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම සඳහා තම මුල් රැකියා අත්හැර ඇති මෙම පිරිස අතර බහුතරය ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බවද සඳහන් වේ.

එමෙන්ම විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන්ගේ තවත් පිරිසක්, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන තම දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ.

මෙතෙක් මන්ත්‍රීවරුන්ගේ සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට එම මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබා නොදුන් බවද වාර්තා වේ.

පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලාංකිකයන්ට හා විදේශිකයන්ට විශේෂ දැනුම්දීමක්

පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලාංකිකයන්ට හා විදේශිකයන්ට විශේෂ දැනුම්දීමක්

තවද මන්ත්‍රී විශ්‍රාම වැටුප මත තම ඖෂධ සහ අනෙකුත් දෛනික අවශ්‍යතා සපුරාගත් ඇතැම් හිටපු මන්ත්‍රීවරුන්ට, එම පහසුකම අහිමි වීම හේතුවෙන් මේ වනවිට තම සහෝදර සහෝදරියන්ගෙන් ආධාර ඉල්ලා ගැනීමටද සිදුව ඇති බව වාර්තා වෙයි.