කිරි පිටි මිල ගැන ජනතාවට සුභ ආරංචියක්..
By Aruna
ඉදිරි මාස කිහිපයේදී ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
පසුගිය සතියේදී ද කිරිපිටි මිල අඩු කරනු ලැබූ අතර ඒ අනුව ආනයනය කරන ග්‍රෑම් 400 කිරිපිටු පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට පියවර ගත් අතර ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 1120 කට අලෙවි කරනු ලබන අතර රුපියල් 3100ක්ව පැවති කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩු කළා.
කෙසේ වෙතත්, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ, එළඹෙන ජුනි මාසය වනවිට කිරිපිටි මිල තවදුරටත් පහළ යා හැකි බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |