තුම්මුල්ල මංසන්ධියේදී බුං බුරා ඇවිලෙයි [VIDEO]

By Shehan Nov 02, 2025 05:27 AM GMT
Report

කොළඹ තුම්මුල්ල මංසන්ධියේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසුව මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි.

මහරගම දෙසින් පැමිණි කාර් රථය පාර අසල නවතා තිබූ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයකට ගැටීමෙන් පසුව මෙම ගින්න හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය කඩිනමින් පැමිණ ගින්න වහාම මැඩපැවැත්වීමට සමත් වූ අතර, කාර් රථය පදවාගෙන ගිය පුද්ගලයා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බව තහවුරු වී ඇත.

රබර් කම්හලේ බොයිලේරු පුපුරා යාමෙන් තරුණයෙක් මරුට - 3කට බරපතළයි

රබර් කම්හලේ බොයිලේරු පුපුරා යාමෙන් තරුණයෙක් මරුට - 3කට බරපතළයි

සිද්ධිය සම්බන්ධයෙන් තුම්මුල්ල පොලිසිය විමර්ශන සිදුකරමින් පවතින අතර, රියදුරුවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදීමට රෝහල් ප්‍රතිපත්‍රයක් ලබාගෙන ඇත. මෙවැනි අනතුරුවලින් ආරක්ෂාව තහවුරු කිරීමේදී රියදුරන්ගෙන් වේග සීමාවන්ට සහ පරිසරය පරීක්ෂා කිරීමට අමතර සැලකිල්ල යොමු කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්