මහ පාන්දර මතුවුණු පාතාල ලොක්කා - ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් වූ අපරාධකරුවෙක් ලංකාවට

Report

අද (30) අලුයම විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට දිවයිනට වෙත රැගෙන විත් ඇත.

මෙම මිදිගම චූටි නැමැත්තා මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින අයෙකි.

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක්, ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද අලුයම 04.27ට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇත.

එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.  

තවත් රටක් ඇවිලෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයෙන් වන්දි ඉල්ලයි

තවත් රටක් ඇවිලෙයි - එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයෙන් වන්දි ඉල්ලයි