හිටපු ජනාධිපතිවරයෙකුට සිර දඩුවම් නියම වෙයි..

Maldives
By Sithumi Dec 26, 2022 10:51 AM GMT
Sithumi

Sithumi

Report

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11 ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්. 

 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා ඔහුට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 2018 වසරේදී ඔහුට බලය අහිමිවුව ද මීළඟ වසරේ මැතිවරණය සඳහා මාලදිවයිනේ ප්‍රගතිශීලි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු මේ වනවිටත් නම් කර තිබෙන අතර මීට පෙර 2019 දී ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කෙරිණා. 

 ඒ රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන අතර ඔහු නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු  නිදහස් කළා.