ජනපති දැනුම් දීමක් කළොත් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් - උණුසුම මැද හර්ෂණ කියයි
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා විසින් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මුල් කරගනිමින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එවැනි බලපෑම්වලට යටත් වී තමා ඉල්ලා අස් නොවන බව අවධාරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමා එම ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවයි. එබැවින් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කළහොත් පමණක් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
එමෙන්ම හර්ෂණ නානායක්කාර මහතා බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුවේ නිලධාරීන් මේ වන විට ඉතා ස්වාධීන මට්ටමින් සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද සඳහන් කළා.
තවද මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ, සමස්ත විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතා වැදගත් සාක්ෂි වනු ඇති බවට ද ඔහු වැඩිදුරටත් පැවසුවා.