ජෝ බයිඩන්ගෙන් යුක්‍රේනයට විශේෂ පැකේජයක්

By Sithumi May 21, 2023 12:43 PM GMT
Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් යුක්‍රේනය සඳහා ඩොලර් මිලියන 375ක නව යුද ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජපානයේ පැවැත්වෙන ජී-07 සමුළුව අතරවාරයේ දී යුක්‍රේන ජනාධිපති ව්ලෝද්මියර් සෙලෙන්ස්කි හමුවු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද ආධාර පැකේජය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාව සමඟ පවතින යුද්ධයේ දී යුක්‍රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට අමෙරිකාව ඕනෑම පියවරක් ගැනීමට සුදානම් බව ජෝ බයිඩන් එහිදි ප්‍රකාශ කර තිබේ.

ප්‍රකාශයට පත් කළ මෙම යුද ආධාර පැකේජයට පතොරම්, කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ පුහුණු ක්‍රියාකරකම් ද ඇතුළත් බව සඳහන්ය.

රුසියානු ආක්‍රමණයට මුහුණදීම වෙනුවෙන් යුක්‍රේනයේ දිගුකාලීන හැකියාව වර්ධනය කිරීමට සහාය ලබාදීම කෙරෙහි අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදි දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.