ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්..
By Aruna
ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කර සිටිනවා.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන් කියා සිටියේ.
මේ අනුව, ඉරානයේ ප්‍රධාන නගරයක් වන ඉස්ෆහාන් නගරය ආසන්නයේ ප්‍රබල පිපිරීමක් ඇසුනු බවද වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍යවල වාර්තා වැඩි දුරටත් පැවසුවේ, මේ හේතුවෙන් ඉරාන ගුවන්තොටුපළ කිහිපයකින් ගුවන් ගමන් නතර කර ඇති බවයි.