''රටම එකට ''ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,056 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Report

''රටම එකට ''ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,056 දෙනෙකු පොලිස් අත්අඩංගුවට රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුම් වලින් ඊයේ (14) දිනයේදී සැකකරුවන් 1,056 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේ අරමුණ බවට පත්ව ඇත්තේ

  • දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම .
  • මෙහෙයුම් පුළුල් කිරීම .
  • ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම.
  • මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම.

යන ආදියයි.

ඒ අනුව ඊයේ දිනයේදී වැටලීම් 1,065ක් සිදුකර තිබේ මෙම මෙහෙයුම් වලදී පොලීසිය පියවර ගෙන ඇත්තේ රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් 39ක් ද තවත් සැකකරුවන් 53 දෙනෙක් පුනරුත්තාපනයට යොමු කිරීමටයි.

 තවද මෙම මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 331ක් ද, අයිස් කිලේ 1 ග්‍රෑම් 173ක්, ගංජා කිලෝ 03 ග්‍රෑම් 109ක් ගංජා පැල 52,165ක්, හෂීස් 332ක්, මත්පෙති 2,012, මදනමෝදක 572 මාවා කිලෝ 6 ග්‍රෑම් 44ක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට විනය ක්‍රියාමාර්ග

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට විනය ක්‍රියාමාර්ග

තවද පොලීසිය විසින් සිදුකළ දෛනික මෙහෙයුම් මත ඊයේ දිනයේදී අපරාධ සම්බන්ධයෙන් සෘජු සැකකරුවන් 14 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ වගේම වරෙන්තුකරුවන් 288 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මෙම පොලිස් මෙහෙයුම් වලින් බීමතින් රිය ධානය කිරීම මත පුද්ගලයින් 27 දෙනෙකුද අපරික්ෂාකාරීව රිය පැදවීම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

ඒ වගේම පොලීසිය විසින් වෙනත් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 4189 දෙනෙකු සඳහා නීතිමය පියවර ගෙන ඇත.

21 රැලිය ගැන නාමල් සහ සුමන්තිරන් අතර හමුවක්

21 රැලිය ගැන නාමල් සහ සුමන්තිරන් අතර හමුවක්