21 රැලිය ගැන නාමල් සහ සුමන්තිරන් අතර හමුවක් [VIDEO]
ජාතික ජන බලවේගය රජයට එරෙහිව විපක්ෂය සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ඉ.ත.අ.ක) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා හමුවී තිබේ.
අද (15) පෙරවරුවේ සිදුවූ මෙම හමුවට එක්වෙමින් එම්.ඒ. සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණ පැවැත්වීම අත්යවශ්‍ය කරුණක් බවද ඔහු අවධාරණය කළේය.
අනිත් පසෙන්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙම රැලිය පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පවසයි.