ඉදිරි සති දෙකට ලෝකෙම බලන් හිටපු අවසරය හිමි වෙයි - හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් දුන්න නිල නිවේදනය
By Kaushi
ඉදිරි සති දෙකක කාලය වෙනුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන බවට ඉරාන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරානය විසින් මෙම කාලසීමාව තුළ සියලුම නෞකා ගමනාගමන කටයුතු ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සෘජු සම්බන්ධීකරණය යටතේ සිදු විය යුතු බවට කොන්දේසි පනවා ඇති බවට අඳාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
එසේම පවතින තාක්ෂණික සීමාවන් සහ ආරක්ෂක තත්ත්වයන් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් මෙම ගමන් මාර්ගය විවෘතව තැබෙන බවට එම වාර්තාවේ සඳහන්.
ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි