ලෝකෙටම දෝංකාර දුන් තීරණය ට්‍රම්ප් හදිස්සියෙම වෙනස් කරයි - සියල්ල පුදුම කරමින් යළි සති දෙකකට සටන් විරාමයක් ප්‍රකාශ කරයි
By Kaushi
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බව දැක්වේ. එම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවයි.
සුළු මොහොතකට පෙර ට්‍රම්ප්ගෙන් ලොවම හෙල්ලෙන නිවේදනයක් - ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි - අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය
එසේම මෙය දෙපාර්ශවයටම බලපාන "දෙපාර්ශවික සටන් විරාමයක්" (Double sided ceasefire) වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
එසේම එහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙළීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර ඇත.