සති දෙකේ සටන් විරාමයෙන් ලෝක රන් මිල උඩුයටිකුරු වෙයි - රන් මිල වාර්තාගත ලෙස ඉහළට
By Kaushi
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) දින ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව, රන් මිල 2.3% කින් ඉහළ ගොස් රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,811.66 ක් දක්වා වාර්තාගත ආකාරයට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.
එසේම අනෙකුත් ලෝහ අතර, රීදි මිල සියයට 4.3කින් ඉහළ ගොස් ඩොලර් 76.08ක් දක්වා වැඩි වී ඇති අතර, ප්ලැටිනම් සහ පැලේඩියම් මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.