තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම් වෙන්න ? ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් !
ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ඉරානය ඊශ්‍රායල උතුරු සහ මධ්‍යම නාගරික ප්‍රදේශ වෙත මිසයිල් ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහු නිකුත් කළ නිවේදනයක දී සඳහන් වන්නේ, මෙම තත්ත්වය දිවයමින් දිනපතා වඩාත් උත්සන්න විය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අධිකාරිය අනතුරු අඟවා ඇති බවයි. ඒ අනුව, එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට සියලු ආරක්ෂක උපදෙස් පිළිපදිමින් සැලකිලිමත් විය යුතු බව තානාපතිවරයා අවධාරණය කරයි.
TABA දේශසීමාවේදී ශ්‍රී ලාංකිකයන් රඳවා ගැනේ 20 වනදා රාත්‍රී TABA දේශසීමාව හරහා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු ඉජිප්තුවට ඇතුළත් වීමේදී වලංගු ඊශ්‍රායල වීසා නොමැතිවීම නිසා පැය කිහිපයක් තිස්සේ රඳවාගෙන ප්‍රශ්න කර තිබුණි.
නමුත්, ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් හා ආරක්ෂක අංශ සහයයෙන් ඔවුන් 21 වෙනිදා උදෑසන කයිරෝ ගුවන් තොටුපළට පැමිණ තිබේ. ඔවුන් එදිනම ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව සිටි බව තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරයි.
තවද තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද TABA හරහා පිටත්වීමට සූදානම් වන අතර, ඔවුන් සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කර ලබා දී ඇත.
වීසා දීර්ඝ කිරීම සහ ගුවන් ගමන් සම්බන්ධ යාවත්කාලීන තොරතුරු ඊශ්‍රායල නිවාඩුවක් සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකුගේ කණ්ඩායමක් පිළිබඳව තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.
තවද ඩුබායි සහ අබුඩාබි ගුවන්තොටුපොළවල සිටි 10 දෙනෙකු ද දැන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇත. ඉරාන ප්‍රහාරවලට අනුව RE-ENTRY වීසා කාලය ඉකුත් වූ විදේශිකයින්ට ඒවා දීර්ඝ කිරීමට PIBA ආයතනයට දැනුම් දී ඇති අතර, ජාත්‍යන්තර ගුවන් සේවාවන් යළි ආරම්භ වූ පසු වහාම අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පවසයි.
ඉන්දියාව ජාතිකයින් ඉවතට ගෙන යයි – ශ්‍රී ලාංකිකයින්ටද අවස්ථාවක් ඉන්දියන් රජය ඉන්දීය ජාතිකයින් ජෝර්දානයේ අම්මාන් නගරයෙන් නව දිල්ලිට රැගෙන යාම සඳහා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කර ඇති අතර, එම මාර්ගය භාවිතා කර ශ්‍රී ලංකාවට පිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් ද තානාපති කාර්යාලය වෙත ලියාපදිංචි විය යුතුය.
ඉරානය සහ ඊශ්‍රායල වලින් පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් ගණන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ යාවත්කාලීන තොරතුරු අනුව: ඊස්රායෙල්වලින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින් – 5 දෙනෙකු පිටවීමට බලා සිටින පිරිස – 3 දෙනෙකු ඉරානයෙන් පිටව ගිය ශ්‍රී ලාංකිකයින් – 4 දෙනෙකු පිටවීමට බලා සිටින පිරිස – 4 දෙනෙකු මෙවැනි තත්ත්වයකදී ශ්‍රී ලාංකික පුරවැසියන් සියලුම ආරක්ෂක උපදෙස් පිළිපදිමින් තානාපති කාර්යාලය සමඟ සබඳතා තබා ගැනීම ඉතා වැදගත්ය.
මෙම උණුසුම් තත්ත්වයට රුසියාව චීනය හා දකුණු කොරියාව එක වුවහොත් යුද්ධය තුන්වන ලෝක යුද්ධය දක්වා වර්ධනය විය හැක.
